49 වන ජාතික මහා ක්‍රීඩා තරඟාවලියට සමගාමීව පවත්වනු ලැබූ අන්තර් සමාජ ක්‍රීඩා තරඟාවලියේ ක්‍රිකට් සහ එල්ලේ කලාප තරඟ, පෙබරවාරි 15,16 දෙදින පුරා හොරේවෙල මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවැත්වුනි. මෙහිදී කැකිරිඕබඩ මහා විද්‍යාලය ක්‍රිකට් හා එල්ලේ බාලිකා ශූරතාවයත්, එල්ලේ බාලක අනුශූරතාවයත් ජයග්‍රහනය කර ඇත.
ජයග්‍රහනය ලැබූ සියලුම දරු දැරියන්ටත්, ඔවුන්ව ජයග්‍රහනය කරා මෙහෙය වූ පාසලේ ක්‍රීඩා භාර ආචාරිනී උදේනි ගම්බාරවත්ත ගුරු මෙනෙවියටත් ,විදුහල්පති තුමා ඇතුලු අචාර්යමන්ඩලයේ උනුසුම් සුබ පැතුම්!






