දිනෙන් දින ග්‍රාමීය සිසුන් වැඩිවෙත්දී පසලක අවශ්‍යතාවය දැනුණු අතර එකල ගමෙහි සිටි එම්.ඒ.මුණදාස මහතා හා අතපතු මුත්තා මහතාගේ මගපෙන්වීම හා අනුදැනුව මත සේච්චාවෙන් ඉදිරිපත් වූ ගම්මුන් කිහිපදෙනෙකු විසින් 1951 අප පාසල ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා අනෙුත් ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම 1953 ඔක්තෝබර් මස වන විට පාසල ඉදිකිරීම් අවසන් කර සිසුන්ට අධ්‍යාපනය ලැබීමට හැකි පරිදි අනෙකුත් පහසුකම් ද සුළු වශයෙන් සලසා ඇත.වර්ෂ 1953 දෙසැම්බර් මස කැකිරිඔබඩ ගම්මානයේ ආරම්භ වූ පාසලේ මුල් ම විදුහල්පති ලෙස සේවය කරන ලද්දේ ද එම්.ඒ. මුණදාස මහතාය. සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු ලබා දීම සදහා මෙම පාසල තෝරා ඇත.
| නිර්මාතෘවරයාගේ නම | සේවය |
| අතපතු මුත්තා මහතා | පාසලක් නිර්මාණය සදහා යෝජනා කිරීම හා ඒසදහා බෙහෙවින් කැපවී සේවය කිරීම |
| එම්.ඒ.මුණදාස මහතා | ආදර්ශ විදුහල්පතිවරයකු වශයෙන් සේවය කිරීම |
| ශ්‍රී විශුද්ධාරාමය විහාරාදිපති ස්වාමීන් වහන්සේ |
ගම්මුන් දැනුවත් කිරීම,මුදල් පරිත්‍යාග කිරීම හා දැනුමින් සහයෝගය දැක්වීම |






