කැකිරිඕබඩ මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

2025.01.30 දින පාසලේ 1 ශ්‍රේනියට පා තබන ආදරනීය පුංචි කැකුලු ,විදුමව් විසින් උනුසුම්ව පිළිගැනීමට සූදානම්..............

img-20230115-wa0014.jpg
istockphoto-1193288605-612x612.jpg

හා/කැකිරිඔබඩ මහා විද්‍යාලය පලමුවෙන්ම 1961 05 මස 06 දින රජයට පවරා ගන්නා ලදි. පසුව මෙහි සේවය කල අයගෙන් ගුරුවරු පත්කර ගැනිමට 1961 07 වන මස 12 වන දින ගාල්ලෙ අධ්‍යාපන නිලදාරී තුමා ඉදිරිපිට පැවැත්වූ සම්මුක පරීක්ශයෙන් පසුව මෙම පාසලෙ සෙවය කල M.A අන්දරයස් මහතා වැඩබලන මුල් විදුහල්පතිවරයා ලෙස වැඩකිරීමට නියම කරන ලදි.

ඒ අනුව එතෙක් පාසලෙ වැඩබලන මුල් ගුරුවරයා ලෙස සේවය කල D.ජයසෙකර ගමගේ මහතාගෙ පොත්පත් ආදිය බාරගෙන අධ්‍යාපන නිලදාරිතුමාගෙ නියමය පරිදි පාසලේ වැඩබලන මුල් විදුහල්පතිවරයා ලෙස M.A අන්දරයස් මහතා වැඩ බාර ගන්නා ලදි.මුල් ගුරුවරිය වූයෙ වී.බී දයාවතී මහත්මියයි.

වර්ෂ 1990 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

 

 

ආරම්භ කළ වර්ෂය

1961 ජුනි 05

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

03

මුල් ගුරුතුමාගේ නම

එම්. ඒ. ජයසේන මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කැකිරිඔබඩ මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1961 ජුනි 05

පාසල පැවැත්වූ ස්ථානය

හම්බන්තොට, කැකිරිඔබඩ ගම්මානයේ  ගොඩනැගිල්ලක

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

එම්.ඩී. ගුණදාස

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

එච්. ්ආර්. පැන්සිස්කො

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1961 අගෝස්තු 04 දින